කඳුළු ගෑස් උණ්ඩයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පොල්දූව මංසන්ධියේ පසුගිය මස 13 වනදා පැවැති විරෝධතාව අතරතුර කඳුළු ගෑස් උණ්ඩයක් සොරාගත් තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඊයේ (10) සවස් කාලයේදී කඳුළු ගෑස් උණ්ඩය සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.අදාළ සැකකරු අද (11) අලුත්කඩේ අංක 04 දරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඇත.