කඳුකර කොටියෙකු පහර දීමෙන් වතු කම්කරුවෙකුට බරපතල තුවාල (ඡායාරූප)

සුනඛ දඩයමේ පැමිණි කඳුකර කොටියෙකු පහර දීමෙන් වතු කම්කරුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

බගවන්තලාව ටින්සින් වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල වත්තේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් සිටි වතු කම්කරුවෙකුටයි මෙලෙස කොටියා පහර දී තුවාල සිදු කර ඇත්තේ.

තේ වත්තේ වැඩ කරමින් සිටි මෙම පුද්ගලයා සුනඛයෙකු කෑගසන ශබ්දය ඇසිමත් සමග එය සොයා බැලිමට ගිය අවස්ථාවේ සුනඛයෙකු ගොදුරු කරගෙන සිටි කඳුකර කොටියා ඔහුට පහර දී තුවාල සිදු කර පළා ගොස් තිබෙනවා.

ඔහු සමග තේ වත්තේ වැඩ කරමින් සිටි සෙසු වතු කම්කරුවන් කියාසිටියේ අද උදෑසන 10ට පමණ මෙම පහරදීම සිදු වූ බවයි.

කොටියාගේ පහර කෑමට ලක්වූ වතු කම්කරුවා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ගොදුරු කරගෙන සිටි සුනඛයා ද අතහැර දමා කඳුකර කොටියා පළා ගොස් ඇති අතර එම සුනඛයා ද බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි කම්කරුවන් කියා සිටියේ.

තම වතුයායේ නිවාසවල ඇති කරන සුනඛයින් නිරන්තරයෙන් අතුරුදහන් වන බවත්, තේ වත්තේ කඳුකර කොටියන් සැරි සරන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

තම වත්තේ සැරිසරන කොටින් රක්ෂිතයකට පලවා හැරීමට වනජිවී නිලධාරීන් පියවර ගත යුතු බව ද වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39