spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඳුකර කොටියෙකු පහර දීමෙන් වතු කම්කරුවෙකුට බරපතල තුවාල (ඡායාරූප)

සුනඛ දඩයමේ පැමිණි කඳුකර කොටියෙකු පහර දීමෙන් වතු කම්කරුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

බගවන්තලාව ටින්සින් වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල වත්තේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් සිටි වතු කම්කරුවෙකුටයි මෙලෙස කොටියා පහර දී තුවාල සිදු කර ඇත්තේ.

තේ වත්තේ වැඩ කරමින් සිටි මෙම පුද්ගලයා සුනඛයෙකු කෑගසන ශබ්දය ඇසිමත් සමග එය සොයා බැලිමට ගිය අවස්ථාවේ සුනඛයෙකු ගොදුරු කරගෙන සිටි කඳුකර කොටියා ඔහුට පහර දී තුවාල සිදු කර පළා ගොස් තිබෙනවා.

ඔහු සමග තේ වත්තේ වැඩ කරමින් සිටි සෙසු වතු කම්කරුවන් කියාසිටියේ අද උදෑසන 10ට පමණ මෙම පහරදීම සිදු වූ බවයි.

කොටියාගේ පහර කෑමට ලක්වූ වතු කම්කරුවා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ගොදුරු කරගෙන සිටි සුනඛයා ද අතහැර දමා කඳුකර කොටියා පළා ගොස් ඇති අතර එම සුනඛයා ද බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි කම්කරුවන් කියා සිටියේ.

තම වතුයායේ නිවාසවල ඇති කරන සුනඛයින් නිරන්තරයෙන් අතුරුදහන් වන බවත්, තේ වත්තේ කඳුකර කොටියන් සැරි සරන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

තම වත්තේ සැරිසරන කොටින් රක්ෂිතයකට පලවා හැරීමට වනජිවී නිලධාරීන් පියවර ගත යුතු බව ද වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?