කඳානේ මාළු ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබූ සිද්ධියට ‘කොට්ටාවේ සුද්දා’ අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ මෙහෙයවීමෙන් පසුගිය වසරේ කඳාන ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු සමඟ පැමිණි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මස 04 වන දින ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.

ඉකුත් වසරේ අවස්ථා කිහිපයක දී අදාළ ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් දී කප්පම් ඉල්ලා ඇති අතර, ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔහුව බිය ගැන්වීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

මෙම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදු නොවූ අතර, ව්‍යාපාරිකයාගේ නිවසට සහ ගේට්ටුවට හානි සිදුව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය පරීක්ෂණ පවත්වන අතර තුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද විමර්ශනයක් ආරම්භ කළා.

ඒ, අනුව මෙම සිද්ධියට සැකපිට පුද්ගලයින් 14 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු මේ වනවිට විදේශ රටකට පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

කෙසේ වෙතත් වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ සැකකරු විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්තේගොඩ නගරයේ දී අද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල, සූරියආර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ‘කොට්ටාවේ සුද්දා’ නැමැති අයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර ඇත්තේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව තමන් දොම්පේ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිට ඉකුත් දෙසැම්බර් මාසයේ දී ඇපමත නිදහස්ව ආ බවයි.

එමෙන්ම අදාළ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ අනුදැනුම මත සිදුකළ බව ද සැකකරු විසින් ද අනාවරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කඳාන පොලිසියට භාරදීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20