spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඳානේ කුලී නිවසක අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්

සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පසුගිය 04 වනදා රාත්‍රියේ කඳාන, කන්දෙවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා එම නිවසේ කුලී පදනම මත රැඳී සිටි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා තනිව එම නිවසේ රැඳී සිට ඇති අතර, ඔහු නිර්වස්ත්‍රව නිවසේ මියගොස් සිටි ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් විදේශ ගතව පසුවන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?