කන්න බැරි තරම් බෙදාගෙන මං පිඟානේ බත් ඇටයක්වත් ඉතුරු කරන්නේ නෑ

මම පිඟානට කන්න බැරි ප්‍රමාණයක් බෙදාගෙන බත් ඇටයක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒ ගැන මට ආඩම්බරයි.මඟුල් ගෙදරකට ගිහින් 5000ක් දෙනවානම් 7000කවත් කන්න ඕනෑ කියලා සමහරු මට කියලා තියෙනවා. සමහර කෑම පිඟන්වලින් සියයට පනහක් ඩස්පින් දානවා’ යැයි අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවැසීය.

සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වන වීඩියෝවක දැක්වෙන ඇමැතිවරයාගේ ප්‍රකාශය මෙසේය.

“ඉස්සෙල්ලා තමන් ගැන හිතන්න. මම කෑම පිඟානට බෙදා ගනිද්දි මට කන්න පුළුවන් ප්‍රමාණයද මං බෙදාගන්නේ කියලා, මඟුල් ගෙදරක ගිහිල්ලා බලන්න. මඟුල් ගෙදරකට අඩුම ගානෙ රුපියල් 5000ක් වත් දෙන්න ඕනේ. ඉතිං හිතනවා රුපියල් 7000කවත් කන්න ඕනේ කියලා. සමහරු මට කියලා තියෙනවා මචං 5000ක් දුන්නොත් 7000ක වත් කන්න ඕනේ කියලා.

මගේ රියැදුරු මහත්තයා මේ ඉන්නේ, මාධ්‍ය ඒකකයේ අය, පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්නවා 15 දෙනෙක්. මේ ඉන්නෙ මාධ්‍ය ලේකම් මගේ. මේ එකෙකුටවත් බැහැ කන්න පුළුවන් ප්‍රමාණයට අමතරව පිඟානට බෙදාගන්න. ඉතුරු වෙන්නෙ නැහැ දැන්. මං සහතික කරලා කියනවා මේ ආහාර නිෂ්පාදනයේ ගමන මානව වර්ගයාගේ ඉතිහාසයේ ඉඳන්ම එන එකක්නෙ.

මගේ රියැදුරු මල්ලිට තාම විනයගරුකව පාරේ වාහනේ එළවන්න බැහැ. හැමදාමත් කියනවා. හැමදාමත් බනිනවා. කුනුහරුපත් අහනවා මගෙන්. ඒත් තාම පිළිවෙළට යන්නෙ නැහැ. තරුණ ළමයෙක් ඉන්නේ. මම වගේම කොල්ලෙක්… හිනා වෙන්නත් එපැයි නැත්නම් මේ දේශන එපා වෙනවනේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16