කන්දකාඩු රැඳවියෙකු පැන යයි

පොළොන්නරුව – වැලිකන්ද කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙකු එම පුහුණු මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

ඊයේ (15) දහවල් මෙම සිදුවීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පලා ගොස් ඇත්තේ පොළොන්නරුව – කළුකැලේ – බඳනාගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක් වයසැති තරුණයෙක්.

කන්දකාඩු පුනරුත්ථාපන පුහුණු මධ්‍යස්ථාන තුළ රැඳවියන් 94 දෙනෙකු පුනරුත්ථාපනය වන අතර මේ වනවිට රැඳවියන් 93 දෙනෙකු එහි සිටින බව ද කන්දකාඩු පුනරුත්ථාපන පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසුවා.

පලාගිය රැඳවියා 2024 අගෝස්තු 11 වෙනිදා මාස හයක දඬුවම් කාලයකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පුනරුත්ථාපනය වීම සඳහා සිරිපුර පොලිස් වසමේ සිට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව මගින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව ද වැලිකන්ද පොලිසියේ නිලධාරියකු සඳහන් කළා.

මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කන්දකාඩු යුද හමුදා කඳවුරේ යුද හමුදා නිලධාරීන් පිරිසක් සහ වැලිකන්ද පොලිස් ස්ථානයේ පොලිසිය සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18