කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවූවන් 23ක් යළි භාරවෙයි (වීඩියෝ)

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවූවන් 23 දෙනෙක් මේ වන විට පුලස්තිගම පොලිසියට භාර වී ඇතැයි වාර්තා වනවා.

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඊයේ පස්වේරුවේ ගැටුමක් හට ගෙන තිබෙනවා.

එහිදී පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති අතර 18 දෙනෙකු පමණ ඊයේ පස්වරුවේ පෙරියාරු පාලම අසලදී පුලස්තිපුර පොලිසිය වෙත භාර වී තිබෙනවා.

තවත් රැඳවූවන් 5 දෙනෙක් අද පෙරවරුවේ පොලිසියට භාර වුණා.

ඔවුන් සියලු දෙනා තාවකාලිකව පුලස්තිපුර පොලිස් ස්ථානයේ රඳවා සිටින බව අප වාර්තාකරු පැවසුවා.

පලා ගිය සෙසු රැඳවූවන් සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 12 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිවා ආහරය සම්බන්ධයෙන් ගැටලුවක් මුල්කරගනිමින් රැඳවූවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එහිදී 26 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

තවත් 90 දෙනෙක් පලා ගොස් සිටිය දී පසුව ආරක්ෂක අංශ භාරයට ගත්තා.

කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ කළමනාකාරීත්වය වෙනස්කිරීමට ඉදිරියේදී සලකා බලන බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18