කන්දකාඩුවෙන් පැන්න රැඳවියන්ගෙන් 60කට වැඩි පිරිසක් භාරවෙයි

වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (11) පස්වරුවේ රැඳවියන් 200කට ආසන්න පිරිසක් පළාගොස් තිබුණා.

එලෙස පළාගිය පිරිසෙන් මේ වනවිටත් 60කට වැඩි රැඳවියන් පිරිසක් පුලස්තිපුර පොලිසිය වෙත භාර වී ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස භාර වූ රැඳවියන් අද (12) දිනයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ආහාර ගැටළුවක් මුල්කරගෙන මෙම රැඳවියන් පිරිස මෙලෙස මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස පළාගිය රැඳවියන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට කිලෝමීටරක් 15ක් පමණ දුර ගෙවා සෝමාවතිය රක්ෂිතයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ආරක්ෂක අංශ මඟින් පළාගිය රැඳවියන් සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30