කන්දකාඩුවෙන් පලාගිය 11ක් අතුරුදන්

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ප්‍රශ්නයක් මුල්කර ගනිමින් දෙපිරිසක් අතර සිදු වූ ගැටුම අතරතුර පලා ගිය අනූ දෙදෙනෙකුගෙන් 11 දෙනෙකු අතුරුදන් වී ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අලුතෙන් රැගෙන එන රැඳවියන් සහ එහි සිටි පැරණි රැඳවියන් අතර ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ 26 දෙනකු වැලිකන්ද හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කරනු ලැබුවා.

මෙම ගැටුම අතර රැඳවියන් 92ක් මධ්‍යස්ථානයෙන් පලාගිය අතර එදිනම සිදුකළ මෙහෙයුමකින් 36 දෙනෙකු වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම 36 දෙනාගෙන් 26 දෙනෙකු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තවත් 10 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට භාරදුන් බවයි පොලිසිය සඳහන් කළේ.

පලාගිය රැඳවියන්ගෙන් තවත් 16 දෙනෙකු පුලස්තිපුර පොලිසියෙන් ද, 3 දෙනෙකු වැලිකන්ද පොලිසිය මගින් ද අද උදෑසන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රැඳවියන්ගෙන් 16 දෙනෙකු වවුනියාව ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාවට මධ්‍යස්ථානයට යොමු කර ඇති බව සඳහන්.

දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 5 දෙනෙකු තවදුරටත් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙන අතර එහි රැඳවියන් 392ක් මේ වන විට සිටින බව සඳහන්.

පලාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා වන අලි සහ ගංවතුර මධ්‍යයේ යුද හමුදාවට, ප්‍රදේශවාසීන්ට මෙන්ම පොලිසියට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවී තිබෙනවා.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවන්.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ඇතුළු තවත් ගැටළු කිහිපයක් මුල් කරගෙන පසුගිය වසර ඇතුළත අවස්ථා කිහිපයකදී රැඳවියන් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇතිකරගෙන පලාගිය අතර එහිදී යුද හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් රැඳවියන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ පිළිබඳ වැලිකන්ද පොලිසිය පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14