කන්දකාඩුවෙන් පලාගිය 11ක් අතුරුදන්

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ප්‍රශ්නයක් මුල්කර ගනිමින් දෙපිරිසක් අතර සිදු වූ ගැටුම අතරතුර පලා ගිය අනූ දෙදෙනෙකුගෙන් 11 දෙනෙකු අතුරුදන් වී ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අලුතෙන් රැගෙන එන රැඳවියන් සහ එහි සිටි පැරණි රැඳවියන් අතර ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ 26 දෙනකු වැලිකන්ද හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කරනු ලැබුවා.

මෙම ගැටුම අතර රැඳවියන් 92ක් මධ්‍යස්ථානයෙන් පලාගිය අතර එදිනම සිදුකළ මෙහෙයුමකින් 36 දෙනෙකු වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම 36 දෙනාගෙන් 26 දෙනෙකු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තවත් 10 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට භාරදුන් බවයි පොලිසිය සඳහන් කළේ.

පලාගිය රැඳවියන්ගෙන් තවත් 16 දෙනෙකු පුලස්තිපුර පොලිසියෙන් ද, 3 දෙනෙකු වැලිකන්ද පොලිසිය මගින් ද අද උදෑසන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රැඳවියන්ගෙන් 16 දෙනෙකු වවුනියාව ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාවට මධ්‍යස්ථානයට යොමු කර ඇති බව සඳහන්.

දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 5 දෙනෙකු තවදුරටත් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙන අතර එහි රැඳවියන් 392ක් මේ වන විට සිටින බව සඳහන්.

පලාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා වන අලි සහ ගංවතුර මධ්‍යයේ යුද හමුදාවට, ප්‍රදේශවාසීන්ට මෙන්ම පොලිසියට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවී තිබෙනවා.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවන්.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ඇතුළු තවත් ගැටළු කිහිපයක් මුල් කරගෙන පසුගිය වසර ඇතුළත අවස්ථා කිහිපයකදී රැඳවියන් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇතිකරගෙන පලාගිය අතර එහිදී යුද හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් රැඳවියන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ පිළිබඳ වැලිකන්ද පොලිසිය පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12