කන්තලේ – වෙලිංටන් හන්දියේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අද (14) පෙරවරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ මියගිය කාන්තාව සිය දරුවන් හට උදෑසන ආහාරවේල සඳහා කෑම මිල දී ගැනීමට මාර්ගය හරහා වෙළෙඳසැලකට මාරු වීමේදීයි.
පෝටන් කාටුවේ සිට කන්තලේ නගරය දක්වා ගමන් ගත් යතුරුපැදියකු අදාළ කාන්තාව ගැටී ඇති අතර බරපතළ තුවාල ලැබූ ඇය කන්තලේ මූලික රෝහලට ඇතුළත් කළ ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි කන්තලේ – පේරාරු බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.













