කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා මුහුදේ යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින්, මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනවා.

හෙට (08) පෙරවරු 10.30 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා.

මුලතිව් හරහා ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ සමාගම් ජනතාවගේ වාහන කොල්ලකනවා - ප්‍රධාන අනුග්‍රහය දෙන්නේ පොලිසිය
09:57
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් SB හඬ නගයි - සේවා කාලය දීර්ඝ කිරීම හොඳයි
07:00
Video thumbnail
ගමට ගෙනා පුංචි ආණ්ඩුව ගැන ලාල්කාන්ත කට අරියි - දැන් ගම බලාගන්න ඕනි ඔයගොල්ලෝ
10:00
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කෝ.. සජිත් රිදෙන්නම දෙයි
07:31
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59