කථානායකවරයා, හාමුදුරුවන්ට අලුත් අවුරුද්දට සුබ පැතුම් පත් හතරක්ම යවලා

වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මාතර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල, විහාරාධිපති ස්වාමීන්වහන්සේලා වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පතක් මුද්‍රණයකර තැපැල් මඟින් යවා ඇති බව වාර්තා වනවා.

එලෙස යවන ලද සුබ පැතුම් පත් අතරින් සුබ පැතුම් පත් හතරක්ම තැපැල් මාර්ගයෙන් තමන් වෙත ලැබුණු බව බෙලිවත්ත, කොට්ටගොඩ ශ්‍රී සුදර්මාශ්‍රමයේ විහාරාධිපති පූජ්‍ය බුද්දියාගම ධම්මසේන හිමියන් සඳහන් කරනවා.

එකම වර්ගයේ සුබ පැතුම් පත් හතරක් මෙලෙස ලැබුණු බවත්, මීට සතියකට පෙර එක් සුබ පැතුම් පතක් ලැබුණු බවත් අනෙක් සුබ පැතුම් පත් තුන අද (07) දිනයේ දී විහාරස්ථානය වෙත ලැබුණු බවත් අප කළ විමසිමක දී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

මේ අතර දැඩි මූල්‍ය අර්බුදයකට රට පත්ව ඇති මොහොතක රටේ මහජනතාවගේ මුදල් නාස්තිකරමින් සුබ පැතුම් පත් මුද්‍රණය කරමින් මෙවැනි ආකාරයේ කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ.

1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48