කථානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට දින නියම වෙයි

කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ලබන 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට මීට සුළු මොහොතකට පෙර අවසන් වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වී තිබෙනවා.

ඊට අදාළ ඡන්ද විමසීම 20 වැනිදා සවස 4.30ට පැවැත්වීමට නියමිතයි.