කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජයට පත් වුණා.
මේ සදහා පක්ෂව ඡන්ද 75ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 117ක්.
මෙම විශ්වාසභංග යෝජනාව පිළිබද අවසාන ඡන්ද වීමසීම අද පස්වරුවේ පැවැත්වීමටයි පියවරගනු ලැබුවේ.
කෙසේ වෙතත් මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව කථානායකවරයා මේ වන විට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටිනවා.
මෙම ඡන්ද විමසීම පැවැත්වෙන්නේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පැවැත්වීමෙන් අනතුරුවයි.













