කථානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට තවත් වැඩිපුර දිනයක් (වීඩියෝ)

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම තීරණයට අනුව ලබන බ්‍රහස්පතින්දා (21) දිනයේ ද මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වීමට නියමිතයි.

එදින පස්වරු 4.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

විපක්ෂය විසින් ගෙන ආ මෙම විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) යන දෙදින තුළ විවාදයට ගැනීමටයි මිට පෙර රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර තිබුණේ.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනීම සම්මත කරගන්නා බවට විපක්ෂය චෝදනා කර සිටිය දී එය නොතකා කථානායකවරයා ක්‍රියාකළ ආකාරය ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විශ්වාස විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51