spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කථානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට තවත් වැඩිපුර දිනයක් (වීඩියෝ)

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම තීරණයට අනුව ලබන බ්‍රහස්පතින්දා (21) දිනයේ ද මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වීමට නියමිතයි.

එදින පස්වරු 4.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

විපක්ෂය විසින් ගෙන ආ මෙම විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) යන දෙදින තුළ විවාදයට ගැනීමටයි මිට පෙර රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර තිබුණේ.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනීම සම්මත කරගන්නා බවට විපක්ෂය චෝදනා කර සිටිය දී එය නොතකා කථානායකවරයා ක්‍රියාකළ ආකාරය ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විශ්වාස විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?