කථානායකගේ නිල නිවස දැනුම් මධ්‍යස්ථානයක් බවට පත් කරනවා

කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

කථානායකවරයා මේ බව කියා සිටියේ යුරෝපා සංගමයේ නිලධාරීන් හමු වූ අවස්ථාවේදීයි.

ජාත්‍යන්තර සම්බන්ධතා, මුල්‍යනීතිය, ආණ්ඩුකරණය යනාදී විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරයන්ට අවශ්‍ය දැනුම මෙම මධ්‍යස්ථානය ඔස්සේ ලබාදීමට සැළසුම් කර ඇති බවත් මෙම මධ්‍යස්ථානය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක පර්යේෂණ සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට ද යෝජනා කර ඇති බවත් කථානායකවරයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

කථානායකවරයා මේ අදහස් පළ කලේ යුරෝපා සංගමය මගින් ක්‍රියාත්මක කරන Inter Pares ගෝලීය ව්‍යාපෘතියේ ප්‍රධානී, ආචාර්ය ජොනතන් මර්ෆි (Dr.Jonathan Murphy) සහ Inter Pares වැඩසටහන් කළමනාකරු, ඉන්ග්‍රිඩ් වෝකර් මහත්මිය (Ms. Ingrid Walker) ඇතුළු දුත පිරිස
පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා වන යුරෝපා සංවිධානයේ, Inter Pares ගෝලීය ව්‍යාපෘතියේ නියෝජිත පිරිස මෙරට පාර්ලිමේන්තුවේ සංවිධානය කර තිබෙන සිව් දින වැඩසටහනේ ආරම්භක දිනයේ මෙලස ගරු කථානායකවරයා හමුවුණා.

මෙරට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියවලිය, අධීක්ෂණය, මූල්‍ය සහ පරිපාලන යනාදී කාර්යයන් වැඩි දියුණු කිරීම හා ඒවායේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම මෙන්ම අත්දැකීම් හුවමාරුකරගැනීම මෙම වැඩසටහනේ මුලික අරමුණු වන බව එම නියෝජිත පිරිස මෙහිදී කරුණු දක්වමින් පැවසුවා.

මෙම හමුවීමේදී එම නියෝජිත පිරිස අවධානය යොමු කිරිමට අපේක්ෂිත අංශ පිළිබඳව සාකච්ඡා කෙරුණා.

එහිදී කාරක සභා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගරු කථානායකවරයා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) මගින් සිදුවන කාර්ය පිළිබඳ නියෝජිත පිරිසට කරුණු දක්වමින් එම කාරක සභා සඳහා දැනට ලබාගන්නා තාක්ෂණික
සහායට අමතරව නීතිමය සහාය ලබාගැනීමට ද කටයුතු සම්පාදනය කර ඇති බව පෙන්වා දුන්නා.

දූෂණයට එරෙහිව දැඩිව ක්‍රියා කරමින් මෙරට සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට පාර්ලිමේන්තුව ඔස්සේ ගත හැකි නිවැරදි සෑම තීන්දුවක්ම ගනා බවද කථානායකවරයා වැඩිදුටරත් අදහස් දක්වමින් පැවසුවා.

ඒ අනුව 2025.07.07 දින සිට ලබන 11වැනි දා දක්වා මෙම නියෝජිත පිරිස පාර්ලිමේන්තු විවිධ දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් හමුවී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04