කතුන් දෙදෙනෙක් මහ දවාලේ සොහොන් කොත් හාරලා බලි පූජා කරලා

පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ සුසාන භූමියක සොහොන් කොත් මත බලි පූජා කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක්
සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් විසින් බකමූණ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඔවුන් විසින් සුසාන භූමියක ඊයේ (21) දහවල් කාලයේ සොහොන් කොත් මත මැටිවලින් සෑදූ මිනිස් රූපවලට සමාන රූප යොදාගනිමින් පහන් පත්තු කරමින් සිට ඇති අතර, ඒ පිළිබඳව ගම්වාසීන් මෙලෙස පොලීසිය දැනුම්වත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම දැනුවත් කිරීම මත පැමිණි බකමූණ පොලීසියෙන් නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීම්වල දී දැකගැනීමට හැකිව ඇත්තේ,
මෙම කාන්තාවන් දෙදෙනා විසින් සොහොන් කොත්වලට හානි කරමින් මිනී වළවල් ද හාරා ඇති ආකාරයයි.

මෙහිදී බලි පූජාවට යොදාගත් උපකරණ ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී කාන්තවන් දෙදෙනා ද පොලිස් භාරයට ගෙන ඇති අතර, එහිදී ඔවුන්ව හෙට (21) දිනයේ බකමූණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවට දන්වමින් මුදා හැරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙක් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක තැනැත්තියක් වන අතර, සැකකාර අනෙක් කාන්තාව බකමූණ, සරුබිම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක තැනැත්තියක්.

පුද්ගලික හා පොදු සුසාන භූමි අඥා පනත යටතේ සොහොන් කොතකට හානි සිදුකිරීම යන වරද යටතේ බකමූණ පොලීසිය විසින් හෙට (22) අධිකරණයට කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57