කතානායකගේ පුද්ගලික ලේකම්ට එරෙහිව සජබ මන්ත්‍රීවරු අල්ලස් කොමිසමට (වීඩියෝ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ විමර්ශනවලට බාධා වන අයුරින් ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මීට පෙර ගොනු කර ඇති පැමිණිල්ලේ සඳහන් කරුණුවලට අදාළ වාර්තාවක් කතානායකවරයාට ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරියට දැනුම් දී ඇති බව අද සිදුකළ පැමිණිල්ලෙන් මන්ත්‍රීවරු පිරිස පෙන්වා දෙනවා.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට දූෂණ චෝදනා එල්ල කරමින් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය 02 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48