spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතරගම වෙඩි තැබීමක්

කතරගම නගරය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් සිවු දරු පියකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙසේ මරා දමා ඇත්තේ කතරගම නාගහවීදිය සමෟධි මාවතේ පදිංචිීව සිටි සින්න කම්බි සිවබාල සුබ්‍රමනියම් නැමැති 52 හැවිරිදි වියේ පසු වූ අයෙක් .

මෙම පුද්ගලයා රාත්‍රි සිය නිවස වෙත ගමන් කිරීමේ දී කොටන තුවක්කුවකින් වෙඩි තබා ඇති බවත් වෙඩි ප්‍රහාරයෙන් තුවා ලැබූ ඔහු කතරගම රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මුලික රෝහල වෙත රැගෙන යන අතර මග දී ජිවිතක්ෂයට පත් ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?