කතරගම වෙඩි තැබීමක්

කතරගම කඳසුරිඳුගම ප්‍රදේශයේ අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුලු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර අද සවස 4.00 පමණ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුහුණු වසාගෙන පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු කඩු සහ ගිනි අවි රැගෙන පැමිණ වෙඩි තැබීම සිදු කර ඇතැයි සඳහන්.

වෙඩි තැබීමට යොදා ගත් බව කියන T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය ද කතරගම පොලිසිය සොයාගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිවස ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී සොයා ගත් ගිනි අවිය සහ උණ්ඩ ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ ඒවා බව බවට පොලිසිය සැක කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14