කතරගම පුදබිමේ ආරක්ෂාව ඉවත් කිරීමේ පුවත බොරුවක් – පොලිසිය කියයි

කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොඹවක ධම්මින්ද ස්වාමීන්වහන්සේගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වන පුවතක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාර්තාවක් යොමු කර තිබෙනවා.

එම වාර්තාව අනුව කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ, අෂ්ඨඵල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල පිහිටා ඇති අතර මෙම පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනෙක් හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරියෙක් ද යොදවා ඇති බවත්, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ ආරක්ෂාව සඳහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත අනුයුක්ත කර සිටින නිලධාරීන් 17 දෙනෙක්ගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවටත් දන්වා තිබෙනවා.

මීට අමතරව කතරගම දේවාල පරිශ්‍රය තුළ යුද හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කර ඇති අතර එම යුද හමුදා අනුකණ්ඩයෙන්ද කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යොදවනු ලබනවා.

ඒ අනුව, කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව හෝ පුදබිමෙහි ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍ය පුවතක් බවටත් නියෝජ්‍ය පොලිස්පති මාතර සහ හම්බන්තොට දිසාව විසින් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48