කතක් සිතක් සොරා ගන්නවා වෙනුවට ත්‍රීරෝද රථයක් සොරා ගනී

සොරා ගත් ත්‍රිරෝද රථයක් අතුරුගිරියට රැගෙන ගොස් අලෙවි කිරීමට සුදානම් වූ කාන්තාවක් ඇතුළු තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ත්‍රීරෝද රථය සොරාගෙන තිබෙන්නේ කොහුවල ප්‍රදේශයෙන් බවයි පොලිසිය පවසන්නේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මොවුන් අතුරුගිරිය , පන්නිපිටිය , හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මොවුන් ත්‍රීරෝද රථ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් බවට බවටද පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබෙන්නේ.