කඩුවලින් චන්ඩිකම් පෑ 5ක් යාපනයේදී අත්අඩංගුවට

විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු යාපනය මානිප්පායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ කඩු තුනක්,යතුරු පැදි 02ක් ද පොලිසිය භාරයට ගැනුණා.

සැකකරුවන් අතර කම්මල් කරුවෙකු සහ ඔහුගේ සහයකයාද සිටින බවයි මානිප්පායි පොලිසිය
පැවසුවේ.

එම සැකකරුවන් යාපනයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් අද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.