කඩා වැටුණු හඳුනා නොගත් වස්තුවක් පිළිබඳ පරීක්ෂණයක්

ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට හඳුනා නොගත් වස්තුවක් කඩා වැටී තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ දින පෙරවරු 3.30 මෙම හඳුනා නොගත් වස්තුව සැග්‍රෙබ් නුවරට කඩා වැටී තිබේ.  කඩා වැටීමෙන් ජීවිත හානි නැතත් ඉන් සිදුවුණ පිපිරීමෙන් අවට තිබූ වාහනවලට හානි වී ඇතැයි ක්‍රොඒෂියා රජය පවසයි.  මේ අතර ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට කඩා වැටී ඇත්තේ යුක්රේන හමුදාවට අයත් ඩ්‍රෝන යානාවක් බව ඊයේ පස්වරුවේ ක්‍රොඒෂියා බලධාරීහු තහවුරු කළා.  ටොන් හයක් බර ගුවන් යානය ක්‍රොඒෂියාවට ළඟා වීමට පෙර රොමේනියාවේ සහ හංගේරියාවේ ගුවන් කලාප හරහා ගමන් කර ඇති අතර ඩ්‍රෝන යානාව කඩා වැටෙන අවස්ථාවේ පැයට කිලෝමීටර 100 ක වේගයෙන් ක්‍රොඒෂියා ගුවන් කලාපය හරහා පියාසර කරමින් සිට ඇත. එම අවස්ථාවේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් යුක්රේන ඩ්‍රෝන යානය ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට කඩා වැටී ඇති බව ජනාධිපති සොරාන් මිලනොවික් ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්