spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඩා වැටුණු පස් කන්දකට යට වී හිමිනමක් අපවත් වෙයි

පස් කන්දක් කඩා වැටී ඊට යට වී පේරාදෙණි දඬුවාව පුරාණ රජ මහා විහාරයේ වැඩ වාසය කළ හිමිනමක් අපවත් වී තිබෙනවා.

අදාළ හිමිනම ඊයේ (19) රාත්‍රී කාලයේ විහාරයේ උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටින අතර තුර මෙලෙස පස් කන්ද කඩා වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පස්කන්දට යට වී බරපතළ තත්තත්වයේ සිටි හිමිනම පේරාදෙණි ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 18ක දඬුවාව රජ මහා විහාරයේ වැඩ විසූ හිමි නමක් බවයි වාර්තා වුණේ.

අපවත් වූ හිමි නමගේ දේහය පේරාදෙණි රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පේරාදෙණි පොලිසිය විසින් මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?