කඩල ඇට මුසු වූ නව ශාකමය ආහාරයක් ඉදිරියේ දී

කඩල ඇට එකතු කරගනිමින් නව ශාක කොටස් ද මුසු කරමින් විද්‍යාගාර පරීක්ෂණාගාර තුළ සැකසෙන නව ආහාර වර්ගයක් පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

phys.org විද්‍යාත්මක පුවත් වෙබ් අඩවිය මගින් වාර්තා කරන පරිදි මෙම නව ආහාරය හුදෙක් ප්‍රෝටීන් වර්ධකයක් ලෙසයි සැලකෙන්නේ.

සත්ත්ව මාංශ භාවිත නොකරන්නන් හට ද මෙම ආහාර වර්ගය වැදගත් වනු ඇති.

අමෙරිකානු විශ්වවිද්‍යාලයක් වන මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාඥ හැන්ග් ෂියාඕ මහතා සඳහන් කරන්නේ සත්ත්ව මස් සඳහා රසවත්, පෝෂ්‍යදායි සහ තිරසාර ශාක කොටස් පදනම් කරගනිමින් කඩල භාවිත කර විකල්ප ආහාර වර්ගය සකසන බවයි.

මෙම පර්‍යේෂණයේ දී වියළි කඩල සහ කඩල ඇට පැසෙන්නට දීමෙන් සාම්ප්‍රදායික ව සකසා ගන්නා සෝයා බෝංචිවලින් සාදන නව ආහාර වර්ගයක් මෙමගින් නිර්මාණය කිරීම ඉලක්කය වී තිබෙනවා.

මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ මෙම විකල්ප ආහාරයෙන් තරබාරුකම, අක්මාවේ මේදය තැන්පත් වීම, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් පාලනයට ඊට හැකියාවක් ඇති බවයි.

ආහාර විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ඇලිසා නෝල්ඩන් සහ පැසුණු ආහාරවල දිලීර අධ්‍යයනය කිරීම සඳහා ජානමය ප්‍රවේශයන් භාවිතා කරන ආහාර විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ජෝන් ගිබන්ස් ද මෙම පරීක්ෂණය සඳහා එක් ව ඇති අතර ටෙම්පේ යන ආහාරය ගැන විශේෂ හැඳින්වීමක් ද සිදු කර තිබෙනවා.

“ටෙම්පේ යනු ඉන්දුනීසියාවෙන් ආරම්භ වූ පැසුණු, දිලීර ආහාරයක් වන නමුත් එය ශාක පදනම් වූ ප්‍රෝටීන් ආහාර නිෂ්පාදනය කිරීම සඳහා හොඳ ප්‍රවේශයක් වන බැවින් දැන් ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී..” යනුවෙන්.

මෙම කඩල ටෙම්පේ ක්‍රියාකාරීත්වයේ දී රසය සහ පෝෂණය යන දෙකම ඇතුළත් වන අතර කඩල සහ කඩල ටෙම්පේ ප්‍රායෝගිකව ශාක පදනම් වූ මස් විකල්පයක් ලෙස ක්‍රියා කිරීමට නම්, එය රසවත් විය යුතු වනවා.

“එය රසවත් නොවේ නම්, මිනිසුන් එයට කැමති නොවනු ඇති අතර, සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට ඔවුන් එය නිතර පරිභෝජනය නොකරනු ඇත,” විද්‍යාඥ ෂියාඕ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16