කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් විරෝධතාවක (ඡායාරූප)

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් විරෝධතාවයක නිරත වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ තම වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවක විරෝධතාවයක් අද උදෑසන 09.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළ තුළ ආරම්භ වූ බවයි.

මෙම විරෝධතා ව්‍යාපාරයට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000ක පමණ පිරිසක් එක් වී සිටි බව සඳහන්.

විරෝධතාකරුවන් මුලින්ම කටුනායක ගුවන් තොටුපොළ බුදු මැදුර වෙත මල් පහන් පූජා කර සිය විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර පා ගමනින් විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඉදිරිපිටට පැමිණි තිබුණා.

ගුවන් තොටුපොළ සේවකයින්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී තිබුණේ 2018 වසරේ දී බවත්, සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළ සේවකයින්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිත බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත මහතා සඳහන් කළා.

ගුවන් තොටුපොළ S1 තලයේ සිට S14 දක්වා වැටුප් තල වල සේවකයින් සිටින අතර, S1 වැටුප් තලයේ සේවකයෙකුගේ මාසික මූලික වැටුප රුපියල් 1,190ක් බවත් එයට ජීවන වියදම් දීමනා සහ අනෙකුත් දීමනා එකතු වීමෙන් එම වැටුප ඉහළ යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම වසරේ සියලු බදු ගෙවූ පසු ලාභය රුපියල් කෝටි 480ක් උපයා ඇති අතර, මීට අමතරව තවත් රුපියල් කෝටි 100ක් මහා භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කිරීමක් ද සිදු කර ඇති බව ඔහු අනාවරණය කළා.

මීට අමතරව මත්තල ගුවන් තොටුපොළ ණය වාරික ගෙවීම, පලාලි ඇතුළු අනෙකුත් ලාභ නොලබන ගුවන් තොටුපොළ නඩත්තු කිරීම ද මෙම ගුවන් තොටුපොළ මගින් උපයන මුදල් වලින් සිදු කරන බව විරෝධතාකරුවන් ප්‍රකාශ කරනවා .

එබැවින් සියලු වැටුප් තලවල ගුවන් තොටුපොළ සේවකයින් වෙත අවම රුපියල් 33,000ක වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳ ඉල්ලීම රැගත් ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අද පස්වරු 02.30ට මහා භාණ්ඩාගාරය වෙත ගොස් සාකච්ඡා කිරීමට නියමිත අතර ඔවුන් පැමිණ එළඹි තීරණ දැනුම් දෙන තෙක් මෙම විරෝධතාකරුවන් අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත කියාසිටියේ.

මෙම සේවක විරෝධතාවය හේතුවෙන් ගුවන් ගමන්වලට හෝ ගුවන් තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතුවලට බාධාවක් හෝ බලපෑමක් සිදු වී නොමැති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27