කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වටලයි (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදුකරමින් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් රුපියල් කෝටි 36ක් වටිනා හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සමඟ විදෙස් ජාතික කාන්තාවක් ද ඊයේ (15) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව 36 හැවිරිදි කැනඩාව ජාතිකාවක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට ගමන් ආරම්භ කර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 936 දරණ ගුවන් යානයෙන් ඊයේ (15) රාත්‍රී 08.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත, ඇය පැමිණි ගුවන් යානය වෙත ගොස් එම නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඇය විසින් රැගෙන ආ ගමන් මළු දෙකක් තුළ, ඇද ඇතිරිළි කීපයක් තුළ ඔතා සඟවා ගෙන , කිලෝ ග්‍රෑම් 36යි ග්‍රෑම් 500ක බරකින් යුතු මෙම හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගය, සුළං කාන්දු නොවන පොලිතින් ඇසුරුම් 12ක් තුළ ඔතා ඇසුරුම් 72ක් ලෙස සකස්කර ගෙන මෙලෙස දිවයිනට රැගෙන පැමිණ තිබුණා.

මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය බොහෝ විට, වෙනත් රටකට ප්‍රති අපනයනය කිරීම සදහා මෙරටට රැගෙන එන්නට ඇතැයි , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැකපළ කරනවා.

අත්අඩංගුවට ගැනුණු මෙම කාන්තාව දැඩි ලෙස මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී සිටින තැනැත්තියක් බවයි අනවරණය වී ඇත්තේ.

WhatsApp Image 2025 02 16 at 5.44.53 AM 1
WhatsApp Image 2025 02 16 at 5.44.53 AM
WhatsApp Image 2025 02 16 at 5.44.52 AM
20250216 010051 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23