spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක ගුවන්තොටුපළ ප්‍රමාදයන් අවම කරයි

වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපළ ගුවන්සේවා සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර ඇති ගැටලු මෙන්ම ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක් සිදු කර තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපලේ මඟීන් අවස්ථා දෙකකදී පරීක්ෂා කිරීමේදී ඇති වන අපහසුතාවයන් වළක්වා ගැනීම වෙනුවෙන් පියවර ගැනීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන ආකාරයෙන් එක් ස්ථානයකින් විධිමත්ව පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සඳහා සියලු යටිතල පහසුකම් මේ වන විට සම්පාදනය වන අතර එය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමටයි අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇත්තේ.

ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සාමූහිකව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා ගුවන් ක්ෂේත්‍රයේ උන්නතිය රඳා පවතින්නේ මෙම ආයතන දෙකේ ඒකාබද්ධ මෙහෙයුම්වල ඵලදායිතාවය මත බවත්, අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?