කටුනායක අලුත් වෙයි (ඡායාරූප)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නවීකරණය සහ පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් රාශියකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එම ව්‍යාපෘති අතර කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිට ‘මිත්‍රත්ව’ මාර්ගය විවෘත කිරීම, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ මගී පර්යන්තය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීම, පිටත්වීමේ මගීන් සඳහා නව වාහන නැවතුම් අංගනයක් විවෘත කිරීම, ගුවන් තොටුපොළ මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා නව ගුවන් ගමනාගමන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම, ගුවන් තොටුපොළ විදුලි බල අවශ්‍යතා සඳහා නව සූර්ය බල පද්ධතියක් (Solar System) විවෘත කිරීම ආදී අවස්ථා රැසක් අද දිනයේ දී සිදු කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මගීන්ට, අමුත්තන්ට මැග්ස්ටර් මාර්ගගත ක්‍රමයට සඟරා, පුවත්පත් කියවීමේ පහසුකම් විවෘත කිරීම, ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ Wellcome To Sri Lanka නාම පුවරුව විවෘත කිරීම, ස්වයංක්‍රීය නව විගමන දොරටු පද්ධතිය නිරීක්ෂණය කිරීම ද මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාලගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙම නව ඉදිකිරීම් සහ ස්ථාපිත කිරීම් සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ අරමුදල් ආයෝජන කර තිබූ අතර; ඊට අමතර ව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය , ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව, කටාන ප්‍රාදේශීය සභාව සහ කටුනායක – සීදුව නගර සභාව සහ තවත් පෞද්ගලික ආයතන රාශියක් සහාය දක්වා තිබුණු බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසන්නේ.

මෙම නව අංග කටුනායක ගුවන් තොටුපොළ වෙත එක් වීම මගින් මෙම ගුවන් තොටුපොළ දකුණු ආසියාවේ හොදම කාර්යක්ෂ ම ගුවන් තොටුපොළක් බවට පත් වෙමින් පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට වරාය ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු, වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියා.

  1. මොනවා වුනාත් කරලා තියෙන වැඩ ට්ක හොදයි රටක් සංවර්ධනය කිරිමෙදි නවින තක්ෂණය යොදාගැන්ම කල යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03