කටුනායකටම කුඩු බෙදූ මහ ජාවාරම්කරු අත්අඩංගුවට

කටුනායක ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සිදුකර ගෙන ගිය ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් දෙලක්ෂ දහඅට දහස් අටසිය පනහක මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

44 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා ජාඇල, කණුවන ප්‍රදේශයේ අවන්හලක් පවත්වා ගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරම ද සිදුකගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු ජාඇල ප්‍රදේශයේ මහල් නිවාසයක සුඛෝපභෝගී ජීවිතයක් ගෙවමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු දැනට විදේශගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “සංඛ ” නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක් ද වනවා.

මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල දී මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මත්ද්‍රව්‍ය තොගය සහ මුදල් ද සමඟ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (18) දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23