කටාර් රාජ්‍යයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

කටාර් රාජ්‍යයේ ගොඩනැල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊයේ (23) උදෑසන සිදුවී ඇති මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 56 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබෙනවා.

අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙම අනතුරින් අතුරුදන්ව සිටින බවට කටාර්හි සේවය කරන ඔහුගේ පුත්‍රයා විසින් තානාපති කාර්යාල නිලධාරීන්ට දැනුම්දී ඇතැයි සඳහන්.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස කටාර් රාජ්‍යයේ රැකියාවල නිරතව සිටින අතර කඩා වැටුණු ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බවට හෙළිවී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් සිටිනවා.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් පවුල් 12කට අයත් සාමාජිකයින් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී ඇති අතර, තුවාලකරුවන් 9 දෙනෙකු මේ වනවිට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

කටාර් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරන අතර, මෙම වසරේදී පමණක් ශ්‍රී ලාංකිකයින් 13,042ක් කටාර්හි රැකියාව සඳහා පිටව ගොස් තිබෙනවා.

ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වන විට කටාර්හි රැකියාවල නිරතව සිටින බවයි තානාපති කාර්යාල වාර්තා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14