spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටාර් රාජ්‍යයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

කටාර් රාජ්‍යයේ ගොඩනැල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊයේ (23) උදෑසන සිදුවී ඇති මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 56 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබෙනවා.

අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙම අනතුරින් අතුරුදන්ව සිටින බවට කටාර්හි සේවය කරන ඔහුගේ පුත්‍රයා විසින් තානාපති කාර්යාල නිලධාරීන්ට දැනුම්දී ඇතැයි සඳහන්.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස කටාර් රාජ්‍යයේ රැකියාවල නිරතව සිටින අතර කඩා වැටුණු ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බවට හෙළිවී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් සිටිනවා.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් පවුල් 12කට අයත් සාමාජිකයින් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී ඇති අතර, තුවාලකරුවන් 9 දෙනෙකු මේ වනවිට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

කටාර් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරන අතර, මෙම වසරේදී පමණක් ශ්‍රී ලාංකිකයින් 13,042ක් කටාර්හි රැකියාව සඳහා පිටව ගොස් තිබෙනවා.

ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වන විට කටාර්හි රැකියාවල නිරතව සිටින බවයි තානාපති කාර්යාල වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?