spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටානේ ”අල් ඔබේදාන් ” ඇගලුම් කම්හල වැසීමේ තීරණය එලෙසමයි – කම්හලේ පාලනාධිකාරි (වීඩියෝ)

අමානුෂික මැර පහාරයකට ලක් වූ කටානේ බඩල්ගම අල් ඔබේදාන් ඇගළුම් කම්හලේ හිමිකරු තමාගේ ජීවිත ආරක්ෂාව පතා කම්හල වසා දමා සියලු ආයෝජන කටයුතු නවතා දමා මෙරටින් බැහැරව යන බවට දැඩි තීරණයක් ගෙන තිබුනා.

නමුත් එම තීරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කම්හලේ හිමිකරු වෙත අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡාවකට සහභාගී වන ලෙස දන්වා සිටියා.

ඒ අනුව අද එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පවසා තිබුනේ මේ සිදුවිම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ද අවධානය යොමුව ඇති බැවින් කම්හලේ හිමිකරු සහ පාලනාධිකාරයේ මෙන්ම ඔවුන් සතු සියලු දේපළ සඳහා උපරිම ආරක්ෂාවක් ලබා දීමට සියලු පියවර ගන්නා බවට කම්හල් හිමිකරුට සහතික වන බවයි.

ඉන් පසු ඇගලුම් කම්හලේ හිමිකරු මෙරටින් නොයන බවත් කම්හල වෙනත් ස්ථානයක යළි ආරම්භ කරන බවත් ඇමතිවරයාට දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

https://www.youtube.com/watch?v=h-W_ctVK_QM&t=23s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?