කටට එන හැමදේම කියන්න හිහින් තමාට ඇති ගරුත්වය නැති කරගන්න එපා

කාවින්ද්‍යා අධිකාරී කියන්නේ සමිතා අතුල යුවලගේ වැඩිමහලු දියණියයි.ඇය ඇගේ මුහුනුපොතේ මීට සුළු මොහොතකට කලින් ඉතා සංවේදී කතාවක් සටහන් කර තිබෙනවා.
මෙය ඇගේ රසියකන්ට ම පමණක් නොව සියලු ශ්‍රී ලාංකිකයන්ම කියවිය යුතු සටහනක් බව ගොසිප් ලංකා අපි හිතුවා.ඒ නිසාවෙන් අප මේ සටහනට අපේ වෙබ් අඩවියෙත් ඉඩක් වෙන් කලා.
මේ තියෙනේ ඇගේ සටහන ,

මට මිනිස්සු හුඟාක් දොස් කියන්න පුලුවන් මේ දාන දේ සම්බන්ධයෙන්, ඒත් මම අවශ්‍ය තැනදී හරි දේ කතා කරපු මනුස්සයෙක්…
දේශපාලනය සම්බන්ධව කතා කරන කිසිම තැනකදී මම කිසිම දෙයක් කාටවත් කියන්න යන්නේ නෑ, මොකද ඒක ඒ ඒ අයගේ කැමැත්ත සහ අයිතිය.
ඉවසන් ඉඳලා ඉඳලා දාන පෝස්ටුවක් මෙන් ද කරුණාවෙන් දන්වා සිටිමි…
මගේ පවුලේ මිනිස්සු හැම මනුස්සයෙක්ටම එක විදිහට සලකන පුදුම මනුස්සකමක් ඇති මිනිස්සු. සමාජෙට එකක් ගෙදරට තව එකක් නෙමේ කියලා අපිව ලඟින් ඇසුරු කරන කියලුම දෙනා දන්නවා… මම ගැන ඕන දෙයක් දැම්මට කිසි ප්‍රශ්නයක් නෑ, නමුත් මගේ අම්මා ගෙ නම, මගේ මල්ලි ගෙ නම, මගෙ තාත්තා ගෙ නම කියලා අපහස කරන සහ එක එක දේවල් සමාජගත කරන හැම කෙනා ගැනම මම මේ දේ පටන්ගත්ත දවසේ ඉඳන් හොඳින් බලාගෙන හිටියේ සහ ඉන්නේ…
මගෙ මූණ ඉස්සරහටවත් ඒ මිනිස්සු හම්බවෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා…
කලාකරුවන් විදිහට සාමාන්‍ය ජනතාවට කතා කරලා කියන්න හරවත් දේ ඇති මිනිස්සු වෙන්න, කටට එන හැමදේම කියන්න හිහින් තමාට ඇති ගරුත්වය නැති කරගන්නේ නැතුව!
මේ කාලය ඇතුලත සමාජයේ මිනිස්සු සහ විශේෂයෙන් කලාකරුවන් ගැන පුදුම විදියට ඉගෙනගත්තා සහ තේරුම්ගත්තා.
උපතින්ම මේ ශේස්ත්‍රයට එන්න උනා ඇරෙන්න හීනෙකින්වත් මේ වගේ මිනිස්සු ඉන්න තැනකට එන්න හෝ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ නම් නෑ ආය කවමදාවත්!
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දේශපාලන තරහාවල්, අදාළ මිනිස්සු එක්ක තිගාගත්තා නම් හොඳයි, පාඩුවේ ඉන්න මගෙ පවුලේ මිනිස්සුන්ගේ නම කියව කියව දඟලන්නේ නැතුව..
මම කාටවත් ණයත් නෑ. බයත් නෑ… ඒක නිසා මේ පෝස්ට් එකෙන් පස්සේ මට කවුරු මොනා කිව්වත් මට අදාළත් නෑ!!👍🙏🏼
මම පවුලේ මිනිස්සුන්ට පුදුම විදිහට ආදරේ කරන මනුස්සයෙක්…
මම මිනිස්සුන්ට පුදුම විදිහට ගරු කරන ආදරේ කරන මනුස්සයෙක්… එහෙම මනුස්සයෙක් ගෙ හිතක් තමයි මේ රිදුනේ…🙂
කවි-

image 30
  1. මේත් අපේ දරුවො වගේම දරුවෙක්. ඇයගෙ සිත හොඳටම රිදිලා. සමාජය ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ සිටින්නට දියයුතුයි.

  2. 🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤
    ඇත්තටම කවී දුව ඔයාගෙ මේ එඩිතර වදන්පෙල කියවු මට ඔබ ගැන ආඩම්බරයක් දැනුනා.
    මොකද තමන්ගේ ජීවිතය ගැටගසා ගන්නට ගත වෙහෙසා අතට මුදලක් සොයගෙන ගෙදර ගිහින් පවුලේ අය සමග සතුටින් ජීවිතය ගෙවන්න.
    තමන්ගේ වටිනා කාලය පාඩුවේ ජීවිතය ගෙනයන අයට දොස් නගන්නට, මඩ ගසන්නට යොදා නොගන්න.
    කවුරුත් හෝ නොහොබිනා කෙනෙක් දමන පෝස්ටුවකට උත්තර ලියමින් තමන්ගේ කාලය නාස්තිකර නොගන්න.

    සියල්ලටම පෙර තමන් තමා ගැනම ස්වයං විවේචනයක් කර මොහොතක් ආපසු හැරී බලන්න.
    ස්තූතියි!
    මහේන්ද්‍ර සේනානායක.
    💐💐💐💐💐💐💐💐💐💐



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08