කච්චතිව් මංගල්‍ය තමිල්නාඩු ධීවරයින් වර්ජනය කරයි (ඡායාරූප)

යාපනය ‌කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පැවත්වෙන දේව මංගල්‍ය වෙනුවෙන් මෙවර රාමේෂ්වරන් ධීවරයින් සහභාගී නොවීමේ සූදානමක් ඇති බවට එහි ධීවරයින් පවසනවා.

පසුගියදා අත්අඩංගුවට පත් තමිල්නාඩු ධීවරයින් සිරගත කිරීමට එරෙහිව සහ එම ධීවරයින් වහාම නිදහස් කරන ලෙසටත් ඉල්ලමින් රාමේෂ්වරන් ධීවරයින් පිරිසක් සිය ධීවර කටයුතුවලින් ඉවත්ව විරෝධතාවක නිරත වූණා.

විරෝධතාවයේ නිරත වූ ධීවරයින්ට සහාය දක්වමින් රාමේෂ්වරන් ධීවර වරායේ ධීවර යාත්‍රා 800ක පමණ කළු කොඩි ප්‍රදර්ශනය කරමින් ධීවරයින් සිය විරෝධතාවය පලකොට සිටියා.

විරෝධතාවයේ නිරත වූ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියේ, ඉන්දීය ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන් බන්ධනාගාර ගත කිරීම මඟින් එම ධීවරයින්ගේ පවුල් වෙතට දැඩි බලපෑමක් එල්ලවන බැවින් වහාම බන්ධනාගාරගතව සිටින සියලු ධීවරයින් නිදහස් කරන ලෙසටය.

එලෙස නිදහස් නොකරන්නේනම් ඉන්දීය ධීවරයින් විසින් ලබන 23 සහ 24 දිනයන්හි පැවත්වෙන කච්චතිව් වාර්ෂික දේව මංගල්‍ය වෙනුවෙන් ඉන්දීය ධීවරයින් සහභාගී නොවන බවටත් මේ වන විටත් රාමේෂ්වරන් ධීවරයින් විසින් විසදුමක් ලැබෙනතුරු කච්චතිව් වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් සහභාගී නොවන බවට සහතික කොට ඇති බවටත්ය.

8 1 1
5 2 1
2 2 1
7 3
3 2 1
1 2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16