spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ වර්ග 525ක තොග අවසන්….

කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක් සහ ශල්‍ය ද්‍රව‍ය 5376ක තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 06ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 239ක් හා කලාතුරකින් අවශ්‍ය වන ඖෂධ වර්ග 280ක්, අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721ක තොග අවසන් වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ

ඒ අනුව වෛද්‍ය සැපයීම අංශය තුළ තිබිය යුතු වෛද්‍ය සැපයීම්වලින් සියයට 50ක තොග අවසන් වී ඇති අතර ඉන්දියානු ණය ක්‍රමය යටතේ එම ඖෂධ වර්ග බොහෝමයක් ඇණවුම් කර ඇතතදාළ තොග ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් සති 06ක් පමණ ගත වනු ඇති බව ඔවුන් පවසයි.

ඉදිරියේදී රෝහල් පද්ධතිය කඩා වැටීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ හේතුවෙන් අසරණ රෝගීන් ඖෂධ නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත් වනු ඇති බවත් එම නිවේදනයෙන් අවධාරණය කෙරේ.

WhatsApp Image 2022 04 22 at 9.15.17 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?