ඖෂධ වර්ග 525ක තොග අවසන්….

කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක් සහ ශල්‍ය ද්‍රව‍ය 5376ක තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 06ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 239ක් හා කලාතුරකින් අවශ්‍ය වන ඖෂධ වර්ග 280ක්, අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721ක තොග අවසන් වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ

ඒ අනුව වෛද්‍ය සැපයීම අංශය තුළ තිබිය යුතු වෛද්‍ය සැපයීම්වලින් සියයට 50ක තොග අවසන් වී ඇති අතර ඉන්දියානු ණය ක්‍රමය යටතේ එම ඖෂධ වර්ග බොහෝමයක් ඇණවුම් කර ඇතතදාළ තොග ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් සති 06ක් පමණ ගත වනු ඇති බව ඔවුන් පවසයි.

ඉදිරියේදී රෝහල් පද්ධතිය කඩා වැටීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ හේතුවෙන් අසරණ රෝගීන් ඖෂධ නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත් වනු ඇති බවත් එම නිවේදනයෙන් අවධාරණය කෙරේ.

WhatsApp Image 2022 04 22 at 9.15.17 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12