ඖෂධ මිලදී ගැනීමේ දී සිදු වූ බිලියන ගණනක පාඩුවක් ගැන අනාවරණයක් (වීඩියෝ)

ඖෂධ මිලදී ගැනීමේ ඇණවුම්, වරින්වර අත්හිටුවීම සහ වෙනස් කිරීම් මගින් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි, විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළ සියළු නිලධාරින්ට එරෙහිව, වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව, වෛද්‍ය සිවිල් අයිතිවාසිකම් පිළිබඳ, වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙනවා.