ඖෂධ ඉල්ලූ මව පුතුගේ පහරින් ජීවිතක්ෂයට

පුත්‍රයාගේ පහරදීමෙන් 5 දරු මවක් ජිවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දෙවන පුතු අතින් මෙලෙස ඝාතනයට ලක්වී 65 හැවිරිදි පස්දරු මවක්.

34 හැවිරිදි සැකකාර පුතු විවාහකයෙකු වන අතර ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින බව සඳහන්. ඔහු 8 හැවිරිදි දියණිය සමඟ මෙම නිවසේ ඔහු පදිංචි අතර රෝගී තත්ත්වයේ පසුවන ඔහුගේ මව ද ජීවත්ව සිට ඇත්තේ එම නිවසේයි.

ඊයේ (05) මෙම සැකකරු ගම්පොළ නගරයට පැමිණි අවස්ථාවේ ඖෂධ වර්ගයක් රැගෙන එන ලෙස මෙම මව සැකකාර පුතුගෙන් ඉල්ලා තිබෙනවා.

නමුත් බීමත්ව නිවසට පැමිණි ඔහු එම ඖෂධ රැගෙන නොපැමිණීම හේතුවෙන් මව ඔහුට දොස් පවරා ඇති අතර ඊට කුපිත වූ සැකකරු මවට පහරදී ඇතැයි සඳහන්.

සැකකරුගේ 8 හැවිරිදි දියණිය පොලිසියට පවසා ඇත්තේ තම පියා මිත්තණියට යකඩමුගුරකින් පහර දුන් බවයි.

කෙසේවෙතත් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමා මවට පහරදුන්නේ පුටුවකින් බවයි.

ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මෙම නිවස අසල වෙනත් නිවාස ද නොමැති අතර පහර කෑමට ලක් වූ මව පසුදා පහන්වන තෙක් නිවසේ තබාගෙන තිබුණා.

පසුදා උදෑසන මෙම කාන්තාවගේ තවත් පුත්‍රයෙකු විසිනුයි එම මව ගම්පොළ රෝහලට රැගෙන ගොස් ඇත්තේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරු මේ පිළිබඳ නොදැනුවත් එම අවස්ථාවේ පොලිසිය එම ප්‍රදේශයට ගොස් සැකකරු සැඟවීමට පෙර අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14