ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන්

ඖෂධ නියාමන අධිකාරියේ යම් දත්ත ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පෙන්වාා දෙයි.

මෙම දත්ත අතුරුදන් වීම පිළිබඳව සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් කළ සාකච්ජාවකදී මේ බව තහවුරු වී තිබේ.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ප්‍රදීප් උඳුගොඩ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, සංජීව එදිරිමාන්න මහතා,

සාමාන්‍යයෙන් අපේ නිරීක්ෂණය තමයි මේ දත්ත මැකීයාම හා අදාළව ඕනෑම අවස්ථාවකදී ඊට අදාළ විකල්ප තොරතුරු ගොනුවක් අපි කියන්නේ සාමාන්‍යයෙන් බැකප් එකක් කියලා බැකප් එකක් පවත්වාගෙන යාම සම්බන්ධව මූලික මූලධර්මවල යම් යම් අඩු පාඩු සිද්ධ වෙලා තිබෙන බව අපේ නිරීක්ෂණයට ලක් වෙනවා. සභාපතිවරයා ප්‍රධාන විධායක නිලධාරීවරයා, තොරතුරු තාක්ෂණ ප්‍රධානියා ඇතුළු බලධාරීන් අපිට වගකීමෙන් කිව්වා කොවිඩ් මර්දන ක්‍රියාන්විතය හා සම්බන්ධ  සියලු ක්‍රියාකාරකම් මැනුවල් ක්‍රියාවලියක් විදියට තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා මේ දත්ත පද්ධතිය මැකීයාමත් මේ මොහොතට අදාළව විශේෂිත මහජන පීඩාවක් ඇතිවෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ කියලා, නමුත් මැකී ගිහිල්ලා තියෙන තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. මීට පෙර අතීත වාර්තා ගණනාවක් ඒවා නැවත recovery කර ගැනීම හා සම්බන්ධව ඔවුන් අදාළ ආයතන සමග සම්බන්ධව කටයුතු කරන බව සඳහන් කළා. ඊට අමතරව මේ සිදුවීම පිළිබඳව නෛතික විමර්ශනයක් සිද්ධ වෙමින් තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46