‘ඕළු මරා’ අල්ලයි

‘ඕළු මරා’ නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධකරු තවත් තිදෙනෙකු සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී පොලිසිය විසින් ඊයේ (07) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මීගහවොල – කොස්වත්ත මාර්ගයේ යොදා තිබූ හදිසි පොලිස් මාර්ග බාධකයක දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

‘ඕළු මරා’ නැමැති සැකකරු ඔහුට අයත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සමඟ අත්අඩංගුවට ගැනුණු අනෙක් තිදෙනා කිරිමැටියාන,ශාන්ත ආනා පුර සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31, 30 සහ 28 යන වයස්වල පසුවන්නන් වනවා.

ලුණුවිල – කිරිමැටියාන වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ‘ඕළු මරා’ 2019 ඔක්තොම්බර් මස 12 වනදා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් සන්තකයේ තබා ගෙන සිටිය දී මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බූස්ස සිරකඳවුරේ රඳවා සිටි ඇප ලබා පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මත්කුඩු ජාවාරමට අමතරව, කොල්ලකෑම්, පුද්ගලයින් පැහැර ගෙන ගොස් පහරදීම් සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව අධිකරණ කිහිපයක නඩු මේ වන වන විටත් විභාග වෙමින් පවතින බවයි පොලීසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59