spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘ඕළු මරා’ අල්ලයි

‘ඕළු මරා’ නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධකරු තවත් තිදෙනෙකු සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී පොලිසිය විසින් ඊයේ (07) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මීගහවොල – කොස්වත්ත මාර්ගයේ යොදා තිබූ හදිසි පොලිස් මාර්ග බාධකයක දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

‘ඕළු මරා’ නැමැති සැකකරු ඔහුට අයත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සමඟ අත්අඩංගුවට ගැනුණු අනෙක් තිදෙනා කිරිමැටියාන,ශාන්ත ආනා පුර සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31, 30 සහ 28 යන වයස්වල පසුවන්නන් වනවා.

ලුණුවිල – කිරිමැටියාන වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ‘ඕළු මරා’ 2019 ඔක්තොම්බර් මස 12 වනදා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් සන්තකයේ තබා ගෙන සිටිය දී මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බූස්ස සිරකඳවුරේ රඳවා සිටි ඇප ලබා පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මත්කුඩු ජාවාරමට අමතරව, කොල්ලකෑම්, පුද්ගලයින් පැහැර ගෙන ගොස් පහරදීම් සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව අධිකරණ කිහිපයක නඩු මේ වන වන විටත් විභාග වෙමින් පවතින බවයි පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?