ඕස්ට්‍රේලියාවට ෆේස්බුක් ආයතනයෙන් අමතක නොවන පාඩමක්

ඕස්ට්‍රේලියාව පසුගියදා එරට ෆේස්බුක් කෙරෙහි නව නීති පනවන ලදී.ඒ පැන වු නීතියට එරෙහිව ෆේස්බුක් ආයතනය විසින් ඕස්ට්‍රේලියාවට අමතක නොවන පාඩක් උගන්වා ඇත.ඒ එරට සියලුම ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට එරට කිසිදු මාධ්‍ය ආයතනයක පුවත් නොපෙන්වන ලෙස ෆේස්බුක් මෘදුකාංගයේ දත්ත වෙනස් කිරීමයි.

මින් පෙර ඕස්ට්‍රේලියාව විසින් ෆේස්බුක් සහ ගූගල් ආයතනයට පවසා තිබුණේ තමන්ගේ රටේ මාධ්‍ය ආයතනයන් විසින් ඔවුන්ගේ තාක්ෂණික වේදිකාවන් මත පළ කරනු ලබන පුවත් සඳහා එම ආයතනයන් සඳහා මුදල් ගෙවන ලෙසයි.මාසයකට මිලියන 17ක් පමණ පිරිසක් ඕස්ට්‍රේලියාවේ මෙම සමාජ මාධ්‍යට පිවිසෙන අතර ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කර තිබුණේ මෙම පිරිසට වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සහ වෙනත් දේවල් මඟින් ගූගල් සහ ෆේස්බුක් ආයතනය දැවැන්ත මුදලක් උපයන බවත් එම මුදලින් කොටසක් එරට මාධ්‍ය වෙත හිමි විය යුතු බවත්ය.

කෙසේ නමුත් මෙම ගෙවීම් කිරීමට මෙම තාක්ෂණික දැවැන්තයන් දෙදෙනාම විරුද්ධ වූ අතර ඔවුන් තර්ජනය කරමින් පවසා තිබුණේ බලපෑමක් කිරීමට උත්සාහ කළහොත් එම සේවා දෙකම එරටින් ඉවත් කර ගන්නා බවයි. මෙයට අපුරු පාඩමක් උගන්වමින් මෙලෙස ෆේස්බුක් ආයතනය විසින් මෙම තහනම පනවන්නට ඇති බවටද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42