ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් නීතියකට අනුව මෙම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා මෙම නව නීතිය එරට රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට සන්නිවේදන අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට TikTok, Facebook, Instagram, Snapchat සහ X යන සමාජ මාධ්‍ය මෙම නීතියට ඇතුළත් වනවා.

කෙසේ වෙතත් Youtube සමාජ මාධ්‍ය වේදිකාව සඳහා පිවිසීමේ මෙම නීතිය මඟින් බාධාවක් නොමැති බව සඳහන්.

මේ අතර යම් සමාජ මාධ්‍ය සමාගමක් මෙම නීතියට අනුකූල නොවන්නේ නම් එම සමාගමට එරෙහිව දඩ මුදලක් නියම කිරීමට ද හැකියාවක් මෙම නීතිය මඟින් පවතිනවා.

ඒ, අනුව ඩොලර් මිලියන 50ක දඩ මුදලක් නියම කිරීමට හැකියව පවතින බවයි වාර්තා වන්නේ.

මෙම තහනම පැනවූව ද ඩිජිටල් විශේෂඥයින් අනතුරු අඟවමින් පවසන්නේ VPN වැනි මෙවලම් ඔස්සේ මෙම සමාජ මාධ්‍ය වෙත පිවිසීමට හැකියාව පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46