ඕස්ට්‍රේලියාවේ දී වැරදි සිදුව ඇත්නම් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා – ක්‍රීඩා ඇමති

ඕස්ට්‍රේලියාවේදී නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතුවූ විවිධ චෝදනාවන්ද “බෝන් අගේන්” ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන බලපෑම ද පරීක්ෂා කිරීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අදහස් දක්වා සිටියා.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ ඕස්ට්‍රේලියා වාර්තාව පරීක්ෂාකර බලා වැරදි සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

“ඕස්ට්‍රේලියා වාර්තාව මට ලැබුණා. නමුත් මම වයඹ පළාතේ, උතුරු පළාතේ, උතුරු මැද පළාතේ වැඩ කටයුතුවල නිරත වෙලා හිටියේ. ඉතින් මම මේ වාර්තාව වෙන කෙනෙකුගෙන් උපදෙස් නොගෙන, මම ම කියවලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වැරදි සිදුවෙලා තියෙනවනම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් තීරණ ගන්නවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ එහි නිර්දේශයන් හා නිගමනයන්ට අනුව ඉදිරියේ දී ක්‍රීඩාවේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙනුත් ක්‍රීඩකයින්ගේ දියුණුව සහ අනාගතය වෙනුවෙනුත් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29