spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියාවෙන් ලෝක කුසලානයට ප්‍රබල සංචිතයක්

ලබන ජුනි මාසයේ දී ආරම්භවන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වනවා.

ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ ඕස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වයට පත්කර ඇති මිචෙල් මාෂ් පසුගිය කාලයේ දී ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස අන්තර්වාර නායකයා ලෙස කටයුතු කළා.

මේ අතර මේ දිනවල පැත්වෙන අයි.පී.එල් තරගාවලිය තුළ කතා බහට ලක්ව ඇති ක්‍රීඩකයෙක් වන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් වන ජේක් ෆ්රේසර්-මැක්ගුර්ක් හට මෙම සංචිතයේ අවස්ථාව හිමිව නැති අතර, සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ට ද ලෝක කුසලාන සංචිතයේ අවස්ථාවක් හිමිව නැහැ.

ඕස්ට්‍රේලියානු සංචිතය පහතින්..

මිචෙල් මාෂ් (නායක), ඇෂ්ටන් ඒගර්, පැට් කමින්ස්, ටිම් ඩේවිඩ්, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ජෝෂ් හෙසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?