spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයා අධිකරණයේ දී වරද පිළිගනී

ඕස්ට්‍රේලියානු සුපිරි ටෙනිස් ක්‍රීඩකයෙකු වන නික් කිර්ජියෝස් සිය හිටපු පෙම්වතියකට පහර දුන් බවට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

27 හැවිරිදි නික් කිර්ජියෝස් කැන්බරා උසාවියක දී මෙලෙස වරද පිළිගත් නමුත් ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා ඉවත්කිරීමටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

මානසික සෞඛ්‍ය හේතූන් මත චෝදනාව නිෂ්ප්‍රභ කිරීමට ඔහුගේ නීතිඥයින් අපොහොසත් වීමෙන් පසු ඔහු මෙලෙස වැරදිකරු ලෙස පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2021 වසරේ 2021 ජනවාරි 10 දින කැන්බරා හි පෙම්වතිය වන චියාරා පස්සාරි, ඇගේ මහල් නිවාසයෙන් පිටත ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ඇයවපදික වේදිකාවට තල්ලු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පස්සාරි සහ නික් කිර්ජියෝස් සමාදාන වී නැවත සම්බන්ධතාව පවත්වාගෙන ගිය නමුත්, ඔවුන් වෙන්වීමෙන් පසු පස්සාරි 2021 දෙසැම්බර් මාසයේ දී මේ සන්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවා.

එම පැමිණිල්ලට අනුවයි මෙම නඩු විභාගය පවත්වනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?