ඕස්ට්‍රේලියානු පොලිසියෙන් ශ්‍රී ලංකා පොලිසියට වෑන් රථයක්

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ මිනිස් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාශයේ රාජකාරි සඳහා යොදා ගැනීමට අදාළ පහසුකම් සහිත වෑන් රථයක් ප්‍රදානය කර තිබෙනවා.

පුද්ගල ජාවාරම් සහ මිනිස් ජාවාරම් ඇතුළු ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට නිරතුරුව සහයෝගය ලබා දෙන බවයි පොලිසිය නිවේදනය කළේ.

අදාළ පහසුකම් සහිත වෑන් රථය ශ්‍රී ලංකා පොලිසිය වෙත තිළිණ කර ඇත්තේ එම සහයෝගය දැක්වීමක් වශයෙන්.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොබට් විල්සන් මහතා විසින් එම රථය කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේදී පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා වෙත භාර දෙනු ලැබුවා.

එම අවස්ථාවේදී ජාත්‍යන්තර නීතිය බලාත්මක කිරීමේ හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර අපරාධ මැඩලීම සඳහා ඕස්ට්‍රේලියානු රජයට ලබා දෙන සහය රොබට් විල්සන් සිය දේශනයේදී බෙහෙවින් අගය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ශ්‍රී ලංකාව තුළ සිදුවන පුද්ගල ජාවාරම් සම්බන්ධ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ගන්නා නොපසුබස්නා උත්සාහයට ද සිය කෘතඥතාව පළ කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14