spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියානු පොලිසියෙන් ශ්‍රී ලංකා පොලිසියට වෑන් රථයක්

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ මිනිස් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාශයේ රාජකාරි සඳහා යොදා ගැනීමට අදාළ පහසුකම් සහිත වෑන් රථයක් ප්‍රදානය කර තිබෙනවා.

පුද්ගල ජාවාරම් සහ මිනිස් ජාවාරම් ඇතුළු ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට නිරතුරුව සහයෝගය ලබා දෙන බවයි පොලිසිය නිවේදනය කළේ.

අදාළ පහසුකම් සහිත වෑන් රථය ශ්‍රී ලංකා පොලිසිය වෙත තිළිණ කර ඇත්තේ එම සහයෝගය දැක්වීමක් වශයෙන්.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොබට් විල්සන් මහතා විසින් එම රථය කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේදී පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා වෙත භාර දෙනු ලැබුවා.

එම අවස්ථාවේදී ජාත්‍යන්තර නීතිය බලාත්මක කිරීමේ හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර අපරාධ මැඩලීම සඳහා ඕස්ට්‍රේලියානු රජයට ලබා දෙන සහය රොබට් විල්සන් සිය දේශනයේදී බෙහෙවින් අගය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ශ්‍රී ලංකාව තුළ සිදුවන පුද්ගල ජාවාරම් සම්බන්ධ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ගන්නා නොපසුබස්නා උත්සාහයට ද සිය කෘතඥතාව පළ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?