ඕස්ට්‍රේලියානු පලමු ඉනිම අවසන් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 321ක් රැස්කර ගැනීමට ඕස්ට්‍රේලියානු පිල සමත් වී තිබේ.

ඕස්ට්‍රේලියානු කන්ඩායම වෙනුවෙන් කැමරන් ග්‍රීන් ලකුණු 77ක් ද උස්මාන් කවාජා ලකුණූ 71ක් ද ලබාගත්තේය.පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

ජෙෆ්රි වැන්ඩර්සි කඩුළු 2ක් ලබාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුළු 2ක් ලබාගෙන තිබේ.

ධනංජය සිල්වා එක් කඩුල්ලක් දවාගත්තේය.පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කන්ඩායම රැස් කල ලකුණු සංඛ්‍යාව 212කි.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 109ක් ඉදිරියෙන් සිටීයි.මේ වන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කර තිබේ.