spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඊයේ (09) දිනයේ මෙරට තුළ ඇතිවූ සිද්ධියත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් වඩාත් සමීපව නිරීක්ෂණය කිරීම ආරම්භකර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

දීර්ඝ තරගාවලි සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබන ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටිනවා.

එම තරග සංචාරයේ දී විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග 05ක් සහ ටෙස්ට් තරග 02ක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

කෙසේ වෙතත් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය තව දුරටත් පැවතියහොත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් මෙම තරගාවලි සංචාරය සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට ඉඩකඩ පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?