spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍ර්ලියානු සුපිරි වේග පන්දුවට ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය අහිමිවේ

ඉන්දියාව සමඟ පැවැත්වෙන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් හැසල්වුඩ් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අබාධයක් හේතුවෙන් හැසල්වුඩ් මෙම සංචිතයෙන් ඉවත්ව ඇති අතර, ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් නෙසර් ඕස්ට්‍රේලියානු සංචිතයට එක්කර ඇති බව සඳහන්.

මෙම ආදේශ කිරීම සඳහා ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ තාක්ෂණික කමිටුව විසින් අනුමැතිය ද ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.

ජෝෂ් හැසල්වුඩ් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ දී අබාධයකට ගොදුරු වූ අතර, එම අබාධ තත්ත්වය තවමත් පූර්ණ වශයෙන් සුව වී නොමැති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?