ඕමාන ජාතිකයෙක් මෙරට දී මරුට

ඕමාන ජාතිකයෙකු හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත ඊයේ (07) දින ඇතුළත් කළ අවස්ථාවේ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි අල් ජබිඩි අනි සලිම් සයිඩ් නමැති ඕමාන ජාතිකයෙක් බවයි.

මියගිය විදේශිකයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙරටට පැමිණ ඇති බවත්; එම තිදෙනා කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක දී රුධිරය මාරු කර නුවරඑළිය සංචාරයක් සඳහා පැමිණ ආපසු කොළඹ දක්වා ගමන් කරමින් සිටියදි එම විදේශිකයා හදිසියේ රෝගාතුර වී ඇති බවයි.

ඉන් අනතුරුව ඔහුගේ මිතුරන් දෙදෙනා විසින් සිය සගයාව රෝහල්ගත කර තිබෙනවා.

මියගිය විදේශිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා අද (08) දින කොළඹ පිහිටි පෞද්ගලික රෝහලේ සායන කටයුතු සඳහා ද පෙනී සිටීමට සූදානමින් සිටි බව ද පොලිසියට ප්‍රකාශ කෙරුණා.

ජීවිතක්ෂයට පත් විදේශිකයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමෙන් අනතුරුව සිරුර මෙරට ඕමාන තානාපති කාර්යාලය වෙත භාරදෙන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58